කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික ඉන්සාෆ් අහමඩ් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද පීඨයේ
(රාජගිරිය) ශිෂ්‍යයෙකු සැකපිට  අත්අඩංගුවට ගෙන
ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.

ඉන්සාෆ් අහමඩ්ගේ ජංගම දුරකතන අංකය ඔස්සේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව  මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා සඳහන් කළේය.

දෙහිවල කවුඩාන පාරේ පදිංචි සැකකාර විශ්ව විද්‍යාල සිසුවා බෝම්බකරු සමග ජංගම දුරකතනයෙන් අවස්ථා ගණනාවකදී තොරතුරු හුවමාරු කරගෙන ඇති බවට දුරකතන  වාර්තාවලින් තහවුරු වී ඇතැයි සඳහන් කළ එම
නිලධාරියා, සැකකරු මේ වනවිට තම  දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද කිය.

(නිමන්ති රණසිංහ)