https://www.gossiplankanews.com/2019/05/negombo-curfew.html

10.50pm
ඇතිවූ සිද්ධිවලින් පසු ෆේස් බුක් - යූටියුබ් - වට්ස්ඇප් - වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය නැවත අවහිරතාවයට ලක්කර ඇති බව වාර්තාවේ.
10.35pm
එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමග ගැටුම දුරදිග ගිය බවත් පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්‍රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවත් වාර්තා වෙයි.
 පසුව පොලිසිය හා යුද හමුදාව එක්ව තත්වය පාලනය කරන්නට සිදුවූ බව පැවසේ.
9.35pm
මීගමුව පොලිස් කොට්ඨාසයේ ඇඳිරි නීතිය මීගමුව යටතේ පවතින කොච්චිකඩේ,කටුනායක,දිවුලපිටිය,කොටදෙණියාව,පමුනුගම,රද්දොලුව,සීදුව,දුංගල්පිටිය හා කටාන යන සියලු පොලිස් බල ප්‍රදේශවලට බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දේ.
ඇඳිරි නීතිය අතරේ කටුනායක ගුවන්තොටට යාම බාධාවක් නැති බවත් එලෙස ගමන් කරන මගීන් ගුවන් ටිකට්පත අවසර පත්‍රය ලෙස භාවිත කරන ලෙසත් දන්වා ඇත.
9.10pm
මීගමුව පොරුතොට තක්කියා පාරෙහි ඇතිවූ ත්‍රීරෝද රථ අනතුරකින් පසු මාළු වෙළෙඳුන් දෙපිරිසක් අතර ඇති වූ කථාබහක් දුරදිග යාමෙන් පසු එය ආගම්වාදී කතාබහකට පෙරළි ඇතිවූ නොසන්සුන් තත්වයක්
බවට කරුණු පළවේ.බහින්බස්වීම සිදුකළ අය බීමත්ව සිටි බවටද වාර්තා ඇත.
යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා ඇත.

8.54pm
මීගමුවේ ඇතිවූකලබලය සංවිධානාත්මක ගැටුමක් නොවන බවත් පුද්ගලයින් දෙදෙනෙකු මුලින් ඇති කරගත් බහින්බස්විමේ සුළු සිද්ධියක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමක් බවත් වාර්තා විය.
සිද්ධිය සමථයකට පත් කිරීමට කතෝලික පූජකතුමන් ඇතුළු ආගමික නායකයින්ද මැදහත්වී තිබෙන අතර තත්වය ඉක්මණින් පාලනය කර ඇතැයිද වැඩි ආරක්ෂාව සැලසීමට ඇඳිරි නීතිය පනවා ඇතැයිද වාර්තාවේ.

8.40pm
මුස්ලිම් විරෝධී පිරිස් පැමිණ මීගමුවේ මුස්ලිම් ජනයා බහුතරයක් වාසය කරන පෝරුතොට ප්‍රදේශයේ ඇති කළ කලබලකාරී තත්වය පාලනය කිරීමට මීගමුවට ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා විය.
අද සවස සිට ඇතිවූ මෙම තත්වය

පාලනය කිරිම සදහා මේ වන විට විශේෂ සේවා කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙහෙයුම් සිදු කරන බවත් ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුළු විම පොලිසිය විසින් තහනම් කොට ඇති බවත් වාර්තා වෙයි.

8.30pm
මීගමුව පොලිස් කොට්ඨාසයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඇති වූ නොසන්සුන්
තත්ත්වයක් පාලනය කර ගැනීම සදහා මෙය පැනවූ බව දන්වා ඇත.
ඒ අනුව හෙට (06) උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව දන්වා සිටියේය. වැඩි විස්තර ඉදිරියට