පස් හැවිරිදි දරුවාගේ ගෙල පෑගීමට උත්සාහ  කළ පියෙකු පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටියවත්තේ පදිංචි සුන්දර රාජ් සෙල්වකලපති නමැති තිදරු පියෙකි.  මෙම සිද්ධියට මුහුණදුන් තිදරු පියා පසුගිය 22 වැනිදා රාත්‍රී 9.00ට පමණ බිරියගේ නිවසට පැමිණ සිය නැන්දනිය
සමග ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු නිවසේ නිදා සිටි ඔහුගේ පස්  හැවිරිදි දරුවාගේ ගෙල පෑගීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ මස්සිනා කෙනකු ඉදිරිපත්වී දරුවා ඛේරා ගත් බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම මියසිය පුද්ගලයාගේ බිරිය මීට මාස කීපයකට පෙර
දෙවන වතාවට විදේශ රැකියාවකට ගොස් ඇති බව කියන පොලිසිය ඇගේ දරුවන් තිදෙනා රැකබලා ගැනීමට සිය මවට බාරදී ඇතැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා නිරන්තරයෙන් අඩදබර කර ගන්නා බව ඥාතීන් පොලිසියට පවසා ඇත.  පැල්මඩුල්ල මහේස්ත්‍රාත් රසාංජලි පෙරේරා මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් සිද්ධිය සමිබන්ධයෙන් මූලික මනස්ත්‍රාත්  පරීක්ෂණය ඊයේ (23) පෙරවරුවේ සිදුකළ අතර කහවත්ත මූලික
රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි පැල්ලමඩුල්ල පොලිසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මියහිය තිදරු පියාගේ ඥාතීන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රන්තපුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරිහු ස්ථානීය පරික්ෂණය සිදු කළහ. පැල්මඩුල්ල
පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සෙනරත් බණ්ඩාර  මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක සමිපත් අබේවික්‍රම ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ සිදුකරති.

(කහවන්ත කුමාර හෙට්ටිආරච්චි)