https://www.gossiplankanews.com/2019/05/makandure-madush-arrested-in-colombo.html#more
සුගිය කාලයේ වැඩිම කතාබහට ලක්වූ පාතාල නායකයාවූ මත්කඩු මිනීමැරුම් කප්පම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුවූ  සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර අද උදෑසන 5 ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙන අතර රහස් පොලිස් අත්අඩංගුවට
පත්ව තිබේ.
යූඑල් 226 ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔහු පැමිනි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා ඇත.
මාස 3 කට ආසන්න කාලයක් ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු හැර අන් සියලු දෙනා පසුගිය කාලයේ

මෙරටට පිටුවහල් කර එවූ අතර ඊයේ වනතුරු ඔහු පමණක් ඉතිරිව සිටියේය.
මදුෂ් මෙරටට ආරක්ෂිතව ගෙන්වා ගැනීමට ඇමති තිලක් මාරපන ජනපතිගේ සංදේශයක්ද රැගෙන පසුගියදා ඩුබායි වෙත ගොස් පැමිණ තිබූ අතර අද ඔහු නිරුපද්‍රිතව අත්අඩංගුවට ගන්නට හැකිවිය.

දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතා ඝාතනය , එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා , පාතාල කල්ලි සාමාජික සමයං ඇතුළු 7 දෙනෙකු ඝාතනය ,කෝටි 500 දියමන්ති කොල්ලය, ඇතුළු අපරාධ රැසකට ඔහු අවශ්‍ය සැකකරුවෙකු විය.
 ඔහු ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.ඒ ඩුබායි සුපිරි හෝටලයකදී සිය දරුවෙකුගේ උපන් දින සාදයක් පවත්වමින් සිටියදීයි.
ඔහු සමග ඩුබායිහි අත්අඩංගුවට පත්ව පිටුවහල් කළ අය ගණන 31 කි.