මිනුවන්ගොඩ නගරයේ  ඉකුත්  13 දින සිදු වු ප‍්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අතර තුර  පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුලූ පිරිසක්  එම ප‍්‍රදේශයේ සැරිසරූ බව කියන සුඛෝපභෝගී ජිප් රථයක්   කිරිල්ලවල  වෑවල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අද  (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



මේ සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක්  වෑවල එම නිවසට ගොස් මෙම ජිප් රථය අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මධුමාධව අරවින්ද මහතා සමග සිද්ධිය වු දින රාගම, හා කඩවත ව්‍යාපාරිකයන් දෙදෙනක්  ද සිට ඇති බවත් ඔවුන් දෙදෙනා ද දැනට ප‍්‍රදේශවලින් පලාගොස් ඇති බවට ද තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි. මධුමාධව අරවින්ද මහතා   සිද්ධිය වු දින මෙම සුඛෝපභෝගී ජිප් රථයෙන්  මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක රැුදී සිටි බවට පොලිසි තොරතුරු ලැබුණ බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් ජිප් රථය වැඩිදුර  පරීක්ෂණ සදහා මිනුවන්ගොඩ පොලිසියට බාර දී ඇත. මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(ඉන්දිකා රාමනායක)