https://www.gossiplankanews.com/2019/05/kurunegala-doctor-arrested.html#more
සැකසහිත ආකාරයකට වත්කම් උපයාගත් මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද උදෑසන වාර්තා කර තිබේ.
ඊයේ (24) රාත්‍රී කුරුණෑගල නුවර පාරේ විරසිංහ මාවත 151/29 දරන නිවසේදී
අත්අඩංගුවට පත් 42 හැවිරිදි මෙම

වෛද්‍යවරයා සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් වන බවද වාර්තා කර තිබේ.
ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ වෛද්‍යවරයෙකු වන බව මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර තිබෙන කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග දක්වා තිබේ.
පසුගියදා දිවයින පුවත්පත මගින් ඉඟි වශයෙන් හෙළි කළ සිංහල බෞද්ධ මව්වරුනට වඳ සැත්කම් 4000 ක් සිදු කළ වෛද්‍යවරයා මොහුද යන්න ගැන සැක මතුවන නමුත් ඒ ගැන පොලිසිය කිසිවක් හෙළි කර නැත.
ඒ වාර්තාව අසත්‍යයක් බව මින් ඉහත පොලිසිය දන්වා තිබූ අතර අද අත්අඩංගුවට පත් පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය වාර්තා කරන්නේ ඔහු වත්කම් උපයාගත් ආකාරය සැක බවයි.
ඔහු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.