නුගේගොඩ -කොහුවල සහ මහනුවර -ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව
පවතිව අධික වාහන තදබදයට විසදුමක් ලෙස
ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙම ස්තානවල ගුවන් පාලම් ඉදිකිරීමට යෝජනා පැවතියේ මීට වසර 6 ක පමණ කාලයක සිටය.
මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීමේ ණය ගිවිසුම්වලට එළඹීමට රජය සමත්ව ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමිව ඇත.
ගුවන් පාලම් සැලසුම් කිරීම හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව හංගේරියාවේ Betonutepio පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද අනුමැතිය හිමිව තිබේ.