පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ
දේවස්ථානය පුළුල් කිරීම
වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්චස් 6ක බිම් කොටසක් වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ට ඊයේ (22දා) පිරිනැමිය.

සාගල රත්නායක අමාත්‍යවරයා විසින් මෙම බිම් කොටස කොටහේන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට පිරිනමන ලද්දේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ විශේෂ ඉල්ලීමකට අනුවය.
-ක්‍රිෂාන් පතිරන් ජයසුරිය-