අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ඇඳුම් අඳින අයුරු  දැක්වෙන වීඩියෝ දර්ශන හා රාජ්‍ය රහස් ලිපි ලේඛන රැසක ඡායාරූප අඩංගු ජංගම දුරකථනයක් සමග පිළිගැනීමේ තිලධාරියකු වාද්දුව නගරයේදී
අත්අඩංගුවට ගත් බව වාද්දූව පොලිසිය කියයි.

 119 පොලිස් යතුරුපැදි ඒකකයේ රාජකාරියෙහි නියුතු පොලිස්
නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  මෙම නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී ඔහුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එම දර්ශන අඩංගුව තිබූ බව පොලිසිය කියයි.

කොළඹ ප්‍රදේශයේ හෝටලයක පිළිගැනීමේ නිලධාරිවරයෙකු ලෙස රැ කියාව කරන සැකකරුගේ ජංගම දුරකථනයේ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපි ලේඛනවල ඡායාරූප, ඉකුත් 21  වැනිදා කොළඹ ඇතුළු ස්ථාන අටක බෝම්බ පිපිරුණු හෝටල් සහ කතෝලික දේවස්ථානවල ඡායාරූප විශාල ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව
පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 මෙම සැකකරු තව දින තුනකින් ඩුබායි රටට යෑමට සැලසුම් කර තිබූ බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවූ බවද පොලිසිය කියයි.