පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයකුගේ නිවෙසේ තිබූ ඩෙටනේටර්, සේවානුල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් ඊයේ (27) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.  වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ
උපදෙස් පරිදි අරඹා ඇති සෝදිසි මෙහෙයුම්වලදී 62 වැනි සේනංකයේ 622 බළ
සේනාවේ 20 ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් පුල්මුඩේ පොලිස් නිලධාරින්ගේ සහ නාවික හමුදාවේද සහාය ඇති පුල්මුඩේ ප්‍රදේශයේ පූර්ණ සෝදිසි මෙහෙයුමක් දියත් කොට තිබූ අතර එහිදී මුස්ලිම් ජාතිකයකුගේ නිවසේ තිබී මේ උපකරණ තොගය හමුවී
ඇත.

එහිදී ඩෙටන්ටර් 89ක්, සේවානූල් 32ක්, වෝටර් ජෙල් කියුබ් 8ක් සහ ඩෙටනේටර් චාර්ජස් 2ක් සොයාගත් උපකරණ වන අතර මෙම උපකරණ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා බවට යුද හමුදාව පවසයි.  එහිදී අදාළ නිවෙසේ හිමිකරු වන ෆලීම් මොහොමඩ් මොහොමඩ් රිෂාබ් නමැත්තා මේ වන විට පලාගොස් ඇති අතර ඔහු පුල්ම්ඩේ රෝහල් ආරක්ෂකයකු වශයෙන් සේවය කර ඇති අතර එම සැකකරුගේ වැඩිමල් සොහොයුරු වන මෙයිනා මහම්මුදු මර්සුප් නමැත්තා යුද හමුදාව සහ පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පුල්මුඩෙයි පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇත. අත්අඩංගුවට ගත් උපකරණ ඇතුළු උපකරණ තොගය පුල්මුඩේ පොලිසිය වෙත භාරදීමට යුද හමුදාව විසින් යවර ගෙන ඇත.

-රසාදි චතුරංගි-