https://www.gossiplankanews.com/2019/05/is-muslim-rizwan-arrested.html
මේ දිනවල සිදුවන පිරික්සුම් මෙහෙයුම් වලට ආරක්ෂක අංශ වෙත තිබෙන නිදහස නිසා දේශපාලන බේදයකින් තොරව මහජන ආරක්ෂාව පිණිස ඕනෑම තරාතිරමක කෙනෙකු පරීක්ෂා කිරීමට හැකිවීම වැදගත් ප්‍රවණතාවයකි.
අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග මෙන්ම පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග සබඳතා ඇති බවට සැකකරන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී
ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
M.Z.M රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් තරගවැදුණ අයෙකි.
මීට වසර 10 කට පෙර 2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද

රථයක් පදවා අමාරුවෙන් ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන්නෙකු බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
කෙටි කලකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූ ආකාරය සැකයට තුඩුදුන්නද ඔහු දේශපාලන සබඳතා යහමින් ගොඩනගාගෙන ඒ ගැන කිසිවෙකුට පරීක්ෂණ පවත්වන්නට බැරි ආකාරයට බල වළල්ලක් තනාගෙන සිටි බව වාර්තා වේ.

රිස්වාන් නමැති මෙම කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක  හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල  පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය හඳුනාගෙන ඇත.

ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක්

හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන ඇත.
මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු විදෙස් රටවල් ගණනකට ගොස් ඇති අතර  එසේ ගිය විදේශයන් අතර ඩුබායි රටද ඇතුළත් වන බවත් දකුණේ පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ
   කංජිපානි ඉම්රාන් සමග  සමීප සම්බන්ධතා කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තාවේ.

ඩුබායිහිදී ඔහු නතරවී ඇත්තේ මදුෂ්ගේ හා කංජිපානිගේ නිවාස වලයි.මොහු  අයිඑස් සංවිධානයට මුදල් රැස් කරන මුස්ලිම් කුඩු පාතාලයේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නට ඇති බවට සැකයක් පැනනැගී ඇත.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරවලදී සහරාන් කල්ලියට මුදල් සැපයූ දේශිය ව්‍යාපාරිකයින් අතර මොහු සිටීද යන්න ගැනද සැක මතුව ඇත.
අත්අඩංගුවට ගත් රිස්වාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපේක්සා කරන බව පොලිසිය දන්වා තිබේ.