ඇමති රිසාඩ් බදියුදීන්ට එරෙහි විහ්වාසභංගයකට විපක්ෂයේ පොහොට්ටු පිල අත්සන් 64 කින් යුත් ලියමනක්
කතානායකවරයාට භාරදුන්නත් මෛත්‍රී පාර්හ්වයට ළැදි ශ්‍රීලනිපය වෙනස් මතයක් දරන බව වාර්තාවේ.

පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක දක්වා තිබෙන අදහස් වලින් ගම්‍ය වන්නේ 'රිෂාඩ් අපට නම් හොඳයි වගේ' යන්නයි.
ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ඔහු පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට අවශ්‍ය බවත්
විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මහතා කියා ඇත.