සිය දියණිය සමග ජයගඟ,
කණ්ඩියල්ල නාන තොටුපොළේදී නාමින්
සිටි 40 හැවිරිදි එක්දරු මවක් පෙරේදා (6) පස්වරුවේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ ගෝනපතිරාව, ගොවිපළ පාරේ පදිංචිව සිටි ආර්.එම්. මල්ලිකා ජයවතී (40) නමැති විවාහක කාන්තාවකි. මියගිය කාන්තාව පෙරේදා (6) පස්වරුවේදී ඇයගේ දියණිය සමඟ ජයගඟ මයිලගහ නාන තොටුපලේ නාමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය  කියයි.

පිහි ඇනුමට ලක්ව තුවාල ලබා සිටි ඇය සේනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු වී මියගොස් තිබුණි. මියගිය කාන්තාවත් ඇයගේ සැමියාත් අතර දිර්ඝ කාලයක් තිස්සේ පැවැති පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පසුව මෙම ඝාතනය සිදුවී ඇත්දැයි  දැන ගැනීමට පොලිසිය පරික්ෂණ මෙහෙයවීය.

බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාව මත 54 හැවිරිදි සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ඊයේ (7)  අධිකරණයට ඉදිරිපත්  කිරිමට නියමිතව සිටියේය.