රටේ හා පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ (7) පස්වරුවේ පැවැත්විණි.

රටේ හා පාර්ලිමේන්තුවේ
ආරක්ෂාවට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

මෙම සාකච්ඡාවට කතානායක කරු ජයසූරිය හා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු ද සහභාගි වූහ.

රටේ ආරක්ෂක තත්වය පිළිබඳ විවාදයක් මැතිසබයේදී ඊයේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම විවාදයට එක්වී අදහස් දැක්වීම විශේෂත්වයකි.