https://www.gossiplankanews.com/2019/05/huk-brothers-hard-disk.html
ව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ හක් සහෝදරයන් දෙදෙනා සැඟවී සිටි ගම්පොළ පාවහන් වෙළෙඳසෙල හිමි ඔවුන්ගේ මාමා වන අබ්දුල් ජබාර් නමැත්තාගේ නිවෙස අසල කුලියට පදිංචිව සිටි තවත් ප්‍රධාන සැකකරුවකු එම සංවිධානයට අයත් යැයි සැක කෙරෙන රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන්, විවිධ වීඩියෝ දර්ශන අඩංගු ලැප්ටොප් එකක්
දුරකථන ඇතුළු උපකරණ විශාල සංඛ්‍යාවක් සමඟ ගම්පොළ පොලිස් කණ්ඩායමක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. මොහු ළඟ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක්ද යුද හමුදා කැලෑ ඇඳුම් හැඳ පිස්තෝලයක් අතේ තබා ගනිමින් ගත් ඡායාරප දෙකක්ද සොයාගෙන ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු සියලු සාමාජිකයන් හට ආරක්ෂිතව සිටින ලෙස

උපදෙස් දෙන ලද හඬ පටයක්ද තිබී සොයා ගෙන  ඇත.

කාන්තාවක් විසින් මේ හඬපටයේ උපදෙස් දෙන අයුරු සටහන් ඇති අතර ඒ තුළින් අයි.එස්. සංවිධානයේ භයානකකම් හා ඔවුන් මඟහැර සිටිය නොහැකි බවත් ප්‍රකාශ වන අතර එම සංවිධානය ඉස්මතු වන ආකාරයට මේ හඩ පටය සකස් කර ඇත. 2017 වසරේ සිට මේ සංවිධානයට අයත් යැයි සැක කරන මුදල් ගනුදෙනු සටහන් හා බැංකු කුවිතාන්සි රැසක් සොයාගෙන ඇත. විවිධ පුද්ගලයන් මේ සඳහා රුපියල් ලක්ෂ ගණනින් ආධාර මුදල් ලබාදී ඇති අතර එවැනි සටහන් 200ක් පමණ මෙහි ඇත. එසේ විවිධ පුද්ගලයන් හට මුදල් බැර කළ බැංකු කුචිනාසි 25ක්ද සොයාගෙන ඇති අතර ඒවා මේ සංවිධානයේ සාමාජිකයන් හට ලබාදී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක කරයි.

තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පසුගිය කාලවලදී ජනමාධ්‍ය මගින් ප්‍රකාශිත සෑම වීඩියෝවක්ම සොයාගත් පරිගණකයේ හා ජංගම දුරකථනයේ පටිගත කොට ඇති අතර සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පළ  වූ ප්‍රවෘත්ති වෙනම මෙහී ගබඩා කොට තිබී හමුවී ඇත. මේ පරිගණකය හා ජංගම දුරකථනය පරික්ෂා කරන්නවුන්  නොමඟ යැවීම සඳහා මුලින් මෙහි අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ ගබඩා කර තිබෙන අතර ඉන්පසු සඟවා ඇති ලිපිගොනුවල මේ තොරතුරු සටහන් කර ඇත.

සාදික් අබ්ඳුල් හක් සහ සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනා පස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අනුරාධපුර ප්‍රදේශයේ සැඟව සිටි පසුව "තෙරුවන් සරණයි" යනුවෙන් ගැසූ වෑන් රථයකින් සිංහල නම් සහිත හැදුනුම්පත්ද උපයෝගී කරගෙන ගම්පොළට පැමිණ මොවුන්ගේ මවගේ මල්ලි වන අබ්දුල් ජබාර් යන මාමාගේ පාවහන් වෙළෙසල් දෙවැනි මහලේ සැඟව සිට ඇත.

දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ වෙළදසල මිලදී ගෙන ඇත්තේ සාහිඩ් අබ්දුල් හක් නැමති බෝම්බකරුවායි.

ඒ සඳහා මොහු එකවර රුපියල් ලක්ෂ 65ක්  ගෙවා ඇති බව හෙළි වී ඇත. මොවුන්ගේ මාමා මෙහි පාවහන් හා බැග් ඇතුළු විවිධ දෑ අඩංගු වෙළඳසලක් පවත්වාගෙන යනුලබන අතර එම භාණ්ඩද මේ සංවිධානයේ මුදල්වලින් ගන්නට ඇතැයි සැකකරන අතර  මෙහි විශාල භාණ්ඩ තොගයක් පුරවා තැබීම අබ්දුල් ජබාර්ට තනිව කළ නොහැකි බවද සැකකරේ.

මේ වෙළඳසැලේ තිබී එම සංවිධානයට අයත් තවත් මෙවැනිම වීඩියෝ පට හා විවිධ සාහිඩ් ඡායාරූප ලියකියවිලි හා සහරාන්ගේ දේශනා ඇතුළත් වීඩියෝ අඩංගු දත්ත ගබඩා කීපයක්ද සොයා ගනු ලැබීය. එමෙන්ම මෙහි තෙවන මහලේදී එම සංවිධානයට අයත් වටිනා ලියවිලි හා වීඩියෝ දර්ශන ගිනි තබා විනාශ කර තිබියදී ගම්පොළ කොට්ඨාස පොලිස් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

පාවහන් වෙළෙඳසල පවත්වාගෙන ගිය අබ්දුල් ජබාර්ගේ ගම්පොළ, සාලියාල පන්සල අසල නිවස තුළ ඉහළ මාලයේ මේ සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක්යක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා සාදික් හා සාහිඩ් මුල් වී ඇති බව හෙළි වී ඇත. ඊයේ අත්අඩංගුවට ගත් අබ්දුල් සක්කාර් මොහොමඩ් අස්මිල් නමැති සැකකරුද මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 40 හැවිරිදි ඔහු විවාහකයෙකි.

සාහිඩ් හා සාදික්ද මාවනැල්ල ප්‍රදේශයේ  පදිංචිකරුවන් වන අතර මොවුන්ගේ මව මව නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මොවුන්ගේ මාමා ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අතර මොහුගේ ගම්පොළ නිවෙස මුල් කර ගනිමින් මේ සංවිධානයේ කටයුතු කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා හක් සහෝදරයකුට ගුරු තනතුරක් දී ඒ අසල ප්‍රධාන මුස්ලිම් විද්‍යාලයක්ද මොවුන්ට අනුබල දී ඇති බව අනාවරණය වී ඇත.

-මාධවී බණ්ඩාර-