https://www.gossiplankanews.com/2019/05/hijab-school-puwakpitiya-asad-sali.html
යේ (7) උදෑසන පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමාපියන් විසින් පාසල් ගේට්ටුව අවහිර කර මුස්ලිම් ගුරුවරියන් හට පාසලට ඇතුළුවීම වළක්වා තිබේ. එසේ කර ඇත්තේ ඔවුන් තහනම් ඇඳුම් අඳින බවට
චෝදනාද කරමිනි. නමුත් එම ගුරුවරියන් ඇඳ තිබෙන්නේ මුහුණ වැසෙන නිකාබය හෝ බුර්කාව නොව හිජාබය වන අතර එය පැහැදිලි කළත් පළක්වී නැත. මුස්ලිම් ගුරුවරියන් 10 දෙනෙකු මෙලෙස එළවා දැමීමෙන් පසු ඔවුන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට මැසිවිලි නගා තිබේ.

 පාරම්පරික හිජාබය තහනම් නැති බවත් එය

පැළද පැමිණීම ගැටලුවක් නොවන බව පෙන්වා දුන්නද දෙමාපියන් පිළිගෙන නැත. පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් පිරිසක් විසින් එම ගුරුවරුන්හට පවසා ඇත්තේ  සාරි වලින් පැමිණෙන්නේ නම් පමණක් ඔවුන් හට පාසල් පරිශ්‍රයට ඇතුල් වීමට අවසර ලබා දෙන බවයි.

මේ නිසා ඔවුන් හට පාසලට ඇතුළුවීම වැළැක් වූ අවස්ථාවේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර අසාද් සාලී  මැදිහත් වී ඒ ගැන සොයා බලා ඇත.ඔවුන්ගේ ඇතුල්වීම ප්‍රතික්ෂේප කල පාසලට නැවතත් යාමට නොහැකි බව එම ගුරුවරියන් දන්වා ඇත.

ගුරුවරුන්ගේ දුක් ගැනවිලි වලට ඇහුම්කන් දුන් ආණ්ඩුකාරතුමා අගතියටපත් ගුරුවරුන් පැමිණ සිටි අවස්ථාවේදීම හදිසි රැස්වීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරීන්ද කැඳවා ඇති අතර අවසානයේ විසඳුමක් ලෙස එම ගුරුවරුන්ව පළාතේ වෙනත් පාසල් වලට ස්ථාන මාරු ලබා දීමට කටයුතු කර තිබේ.