යුද හමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් ඔස්සේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බුත්තල පැල්වත්ත සිනි සමාගම් භූමියට අයත් උක් යායක් මැද රහසිගතව සඟවා තිබූ ප්‍රභූ ආරක්ෂක ඇඳුම් කට්ටල
පහක් ඇතුළු උපකරණ රැසක් ඊයේ (07දා) සවස යුද
හමුදාව හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගන්නා ලදී. උක්යාය මැද වෙන් වෙන්ව මලුවල දැමූ වෝකි ටෝකි යන්ත්‍ර පහක්, ඒවාට අදාළ චාජර් හයක් සහ ඇන්ටනා පහක් ප්‍රභූ ආරක්ෂාව සඳහා සපයනු ලබන නිල ඇඳුම් කට්ටල (සෆාරි කිටි) හතරක්, එම්.එස්.ඩී. සඳහන් කළ කමිසයක්, අත්වැසුම් ඇතුළු උපකරණ මෙම සෝදිසියේදී යුද හමුදා නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි.

පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි මෙම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු යුද හමුදාව වෙත පවසා ඇති අතර ඒ අනුව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබිණි. මෙම ඇඳුම් කුමන අරමුණක් සඳහා රැගෙන ආවාද යන්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යයි. යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය හා බුත්තල පොලිසිය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.