https://www.gossiplankanews.com/2019/05/gotabhaya-say-again-i-will-run-for-presidency.html#more
හනවවන සංශෝධනයේ නීති රීති අනුව තම සහෝදර මහින්ද රාජපක්ෂට නැවත ජනපතිවරණයට තරග කරන්නට බැරි නිසා තමා ඉදිරි ජනපතිවරණයට නිසැක ලෙස ඉදිරිපත්වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ පළවන 'ද වීක්' (The Week) සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වී නැවතත් අවධාරණය කර තිබේ.
මීට පෙර පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයටද ඔහු මෙම අදහස දන්වා තිබුණි.
ලබන මැයි 12 වනදා පළවන්නට නියමිත 'ද වීක්' සඟරාවේ අලුත්ම කලාපය මේ වනවිටත්
වෙළෙඳපොළට නිකුත් කර තිබෙන අතර ගෝඨාභය මෙම අදහස් දැක්වීම සිදු කර ඇත්තේ එම සඟරා කලාපයටයි.
එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අදහස් දක්වා තිබෙන ගෝඨාභය තමා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම යුද්ධය අවසන් කළ ප්‍රධානියෙකු හැටියට මෙම සිදුවීම ගැන කම්පනයට හා කණගාටුවට පත්වන බව දන්වා ඇත.


මහින්ද පාලන සමයේ ජාතික ආරක්ෂාව ගැන දැක්වූ උනන්දුව මේ රජයට නොමැතිවීම නිසා මෙම විපත සිදුවූ බවට චෝදනා කර ඇත.

මෙම සාකච්ඡාවේදී ඔබ ජනපතිවරනයට තරග කරනවාද? යන සෘජු ප්‍රශ්නය හුමවේ ගෝඨාභය 'ඔව්' යයි පිළිතුරු දී ඇත.
ඒ සහෝදර මහින්දට බැරි නිසාදැයි විමසද්දී එයටද 'ඔව්' යයි ඔහු පවසන අතර මහින්ද ලංකාවේ වඩාත්ම ජනප්‍රිය නායකයා වන නමුත් 19 සංශෝධනය ප්‍රකාරව ඔහුට තරග කළ නොහැකි නිසා තමාව ජනතාවට අවශ්‍යවී ඇති බව දන්වා ඇත.

පසුගිය රජය සමයේ තමාට පැවරුණ රාජකාරී හරියාකාරව ඉටුකළ බවත් නාගරික සංවර්ධනය සිදු කළ බවත් වර්තමානයේ සාම්ප්‍රදායික දේශපාලනය ගැන රටේ කලකිරීමක් පවතින නිසා තමන් වැනි සාම්ප්‍රදායික නොවන කෙනෙකු ගැන ජනතාවට විශ්වාසයක් මතුවිය හැකි යයි කල්පණා කරන බවත් දන්වා ඇත.
තමා ඇමරිකන් පුරවැසිභාවයෙන් පවා ඉවත්වී රට වෙනුවෙන් සේවය කිරීමට ඉදිරියේ සූදානම් වන බව දන්වා ඇත.