මතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ  පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.

මතුගම කොට්ඨාස හා නීතිය බලගැන්වීමේ ඒකකයේ
ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාට ලැබුණු  තොරතුරක් මත සැකසහිත  ඉඩමක් පරික්ෂා කල වැලිපැන්න පොලිස් නිලධාරීන් විසින් බෝම්බ සොයාගෙන ඇත.

පීවීසි නඝ උපයෝගී කරගෙන සාදා තිබු බෝම්බ අගල් 2.5 විශ්කම්බයෙන් යුත් හා දිගින් අගල් 8ක් පමණ වූ  බෝම්බ 3ක් හා ඒ සඳහා උපගෝගි කරගන්නා පුපුරන ද්‍රව්‍ය සහිත ප්ලාස්ටික් බෝතලයක් සොයා ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව එම ප්‍රදේශයේ ව්‍යපාරිකයක අත්අඩංගුවට ගෙන ඇතිඅතර,පැලවත්‍ත යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ කළුතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් උසාවි නියෝගයෙන් ලැබුණු පසු එම බෝම්බ නිශ්ක්‍රීය කිරීම සඳහා එම ස්ථානයේ රැදී සිටිති.

ප්‍රේමතිලක පෙරමුණ