https://www.gossiplankanews.com/2019/05/giriulla-saharan-wife-white-cloths.html
බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර අයිඑස් ප්‍රහාර දියත්විය හැකි බවට පසුගියදා ආරක්ෂක අංශ වෙත ලැබුණ සැකකටයුතු ආරංචි තවමත් පහව ගොස් නැත. ගිරිඋල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් සුදු ඇඳුම් කට්ටල මිලට ගන්නට ආ මුස්ලිම් කාන්තාවන් සම්බන්ධයෙන්
පොලිසිය සිදු කළ විමර්ශනය අනුව

එලෙස පැමිණි කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු සහරාන් හෂීම් නමැති බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුගේ බිරිය බව මේ වනවිට තහවුරු වී තිබේ.

අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නමැති 24 හැවිරිදි මෙම කාන්තාව දැනට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන රෝගියෙකි. ඇයත් ඇගේ බාල වයස්කාර දියණියත් සයින්දමරුදු ගැටුමේදී තුවාල ලද අතර එහිදී ආරක්ෂක අංශ ඔවුන් කවුදැයි නොදැන තුවාල කරුවන් ලෙස සලකා රෝහල් ගත කර තිබුණි. මේ සහරාන්ගේ බිරිය හා දරුවෙකු බව දැනගත්තේ පසුවයි.

එම ස්ථානයේ මරාගෙන මැරුණ අයගෙන් බේරුනේද මේ දෙදෙනා පමණක් වන අතර ඇතිවූ පිපිරුම් කම්පන තත්ව නිසා ෆාතිමා සාදියා කන් ඇසීමේ දුර්වලතාවයට පත්ව ඇති බවද වාර්තාවේ.

ඇයගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් ලිඛිතව සිදුකරන්නට පවා සිදුව ඇත. ඇය ගිරිඋල්ලේදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග කාන්තා සුදු ඇඳුම් කට්ටල මිලට ගත් බවට එහිදී පාපොච්චාරණය කර ඇත.
එම අනෙක් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාරයේදී මියගොස් ඇති බව ඇය දන්වා ඇත.

ඔවුන් තවත් ප්‍රහාරයකට සූදානමින් ඒවා රැස් කර ඇති බව පොලිසිය සැකකරයි.
ඇගේ තත්වය සුව අතට හැරෙන තුරු වැඩිදුර ප්‍රශ්න කිරීම ප්‍රමාද කර ඇති බවත් සුවය ලද පසු මේ ගැන තවත් සොයා බලන බවත් පොලිසිය දන්වා ඇත.