නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් විවාහ ගිවිසගෙන ඇති බවට
ඊයේ මාධ්‍ය වාර්තා පළවිය.
38 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පසුගිය වසරේ ජුනි මාසයේ දී

මව්පදවිය ලැබුවේ අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටියදී මව්පදවිය ලැබූ ලොව දෙවන අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙමිනි.
සිය කාර්ය මණ්ඩලයේ සේවය කළ පෙම්වතා වූ ක්ලාක් ගේෆෝඩ් සමඟ ඒ වනවිට ඇය විවාහ ගිවිසගෙන නොතිබුණ නමුත් එක් නිවසක පවුල් කෑම සිදු කළාය.
දරුවා ලැබී මාස 10 කට පසු අග්‍රාමාත්‍යවරිය විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔවුන් දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය ඉදිරි දිනක දී පැවැත්වීමට සැලසුම් කර ඇත.