https://www.gossiplankanews.com/2019/05/fb-mt.lavinia-raid.html

යුධ හමුදාව සහ පොලිසිය විසින් ඊයේ (11) ගල්කිස්සේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන වීඩියෝව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද පැවති
ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කරුණු අනාවරණය කළේය.
මෙය මාධ්‍ය වල නොදාන එකක් බවත් ගල්කිස්ස මැක්ඩොනල්ඩ් අවන්හලක් ආසන්නයේ සිදුවූවක් බවත් දක්වමින් ඒ ගැන විස්තර පළව තිබුණි.

එම මෙහෙයුම ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් කොටුකර ගැනීමේ මෙහෙයුමක් නොවන බව එහිදී ඔහු කියා සිටියේය.

විදේශීය රටකට අයත් මුදල් වර්ගයක් නීතිවිරෝධී අන්දිමින් මෙරට මුදල් වලට හුවමාරු කිරීමේ ජාවාරමක් යුධ හමුදාවට ලැබී තිබු තොරතුරක් සම්බන්ධයෙන් කොළඹ දකුණ පොලිස් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග එක්ව මෙහෙයවු බව පොලිසිය සදහන් කළේය.

විදෙස් මුදල් තොගය උපාය දුතයෙක් යොදවා ගල්කිස්ස ප්‍රදේශයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ලද තොරතුරු මත කළුතර, කිරුළපන සහ කොහුවල ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් සහ කාර් රථ දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම විදෙස් මුදල් වල වටිනාකම රුපියල් 48,700ක් ලෙස සටහන්ව ඇති අතර මෙරට වටිනාකම මිලියන 2.5ක් ව
විදෙස් මුදල් නෝට්ටුවල වලංගු භාවය සහ එම මුදල් මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබද හා මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කරමින් සිටින බව පොලිස් මාධ්‍ය රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.