කළුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍ය ශිෂ්‍යාවන් තිදෙනෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි සැක කටයුතු
තිදෙනෙකු 

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට කටකතාවක් පැතිර ගොස් තිබුණි.
මේ අය රෝහලේ කිසියම් ලෙසකින් ජීවිත හානි සිදුකරන්නට සූදානමින් මෙලෙස පැමිණ ඇති බවද කියැවිණි.

එලෙස පළවන වාර්තාවන් ගැන රෝහල් අධ්‍යක්‍ෂ, වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශයක් කරමින් දන්වා ඇත්තේ ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
රෝහල තුළ කිසිදු සැක කටයුත්තක් සිදුව නොමැති බවත්, රෝහලේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් කියා සිටි ඔහු මේ ආකාරයේ හෝ ඊට සමාන කිසිදු සිදුවීමක් හෝ වාර්තා නොවූ බවයි.