https://www.gossiplankanews.com/2019/05/divaina-fake-news.html#more
ද (23) බ්‍රහස්පතින්දා දිනපතා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළවූ ප්‍රවෘත්තිය මගින් කියැවුනේ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන බවත් එම පුද්ගලයා  සිසේරියන් සැත්කම් 7000 ක් පමණ සිදුකර ඉන් බෞද්ධ මවුවරුන් 4000ක් වඳකර ඇති බවත්ය.
සැත්කම අතරතුර පැලෝපීය නාලය ගැටගසා මෙම වඳභාවය සිදුකරන බවට
තොරතුරු හෙළිව ඇති බවද විස්තර කර තිබුණි. සතියකට වැඩි කාලයක් මෙම පුද්ගලයා ගැන පොලිසිය තොරතුරු සොයමින් සිටින බව හා ඉදිරි දිනක අත්අඩංගුවට ගනු ඇති බවද එහි දක්වා තිබුණි.

විශ්වාසය ඇතිවන කිසිදු නමක් ගමක් තැනක් නැතිව පළකර තිබූ මෙම පුවත ගැන

අද දින පාර්ලිමේන්තුවේදී අනුර කුමාර මන්ත්‍රීවරයා හා කතානායකවරයා අතර සංවාදයක්ද හටගත් අතර ඒය සත්‍යයෙන් තොර බව කතානායකවරයා දන්වා තිබුණි.

අද සවස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා තිබුනේ කිසිදු සැකකටයූතු අයෙකු ගැන තොරතුරු ලැබී නැති බවත් පොලිස් පරීක්ෂණයක් සිදුවන්නේද නැති බවත් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බවත්ය. මෙවැනි ව්‍යාජ පුවතක් පළකිරීමට හේතුවන කරුණු සම්බන්ධයෙන් දිවයින පත්‍රය හා පුවත ලියූ අය සම්බන්ධ විමර්ශනයක් අරඹා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා තිබේ.

පසුගිය දිනවල දිගින් දිගටම රටේ කලබල ඇතිවූයේ ජාතින් දෙකක් අතර ඇතිවූ අනියත සැකය නිසාය.  ඇඳිරිනීතිය පනවන්නටත් පාසල් සිසුන්ට පාසල් නොයා බියෙන් සිටින්නටත් රටේ වැඩ අඩාල වන්ටත් මෙම සැකය හා කෝපය මුසු පරිසරය හේතුවිය.මෙවැනි පුවත් නිර්මාණාත්මාකව ගොතා ඉදිරිපත් කරන්නට යමෙකු වෙහෙසෙන්නේ නම් ඒම සැකය තවත් වර්ධනය කරන්නට ඇති උවමනාව නිසාය.

සමාජ මාධ්‍ය ඔස්සේ අද උදෑසන පටන් මෙම පුවතේ ඇතැම් කරුනු සංවාදයට ලක්වූ අතර ඇතැම් වෛද්‍යවරුන් පවා මෙය ඇත්තක් බව ඒ්ත්තු ගන්වමින් අදහස් පළ කර තිබුනි.
කෙසේ වෙතත් අද මාධ්‍ය හමුවක් පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම පුවතේ කරුනු සොයාදෙන්නැයි රජයෙන් ඉල්ලන බවත් මෙය  ඇත්තක් නම් තත්වය බරපතල බවත් පවසා තිබුණි
කෙසේ වෙතත් මේ වනවිට පොලිසියට අනුව පරීක්ෂණ  සිදුවන්නේ  වෛද්‍යවරයා ගැන නොව අසත්‍ය පුවත ලියූ පුවත්පත ගැනය.