https://www.gossiplankanews.com/2019/05/cid-namal-kumara.html
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ
අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට්ටිපොල

ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙහිදී නාමල් කුමාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බව වාර්තා විය.
නාමල් කුමාර අත්අඩංගුවට ගැනිමට වරකාපොළ පොලීසිය සොයමින් සිටියේය.

පසුගියදා ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධ ආන්දෝලනයක් ඇති කළ නාමල් කුමාර ඊට පෙර දිගන සිද්ධි වලට සම්බන්ධවී සිරගතවූ අමිත් ඇතුළු පිරිස සමග හවුල්ව කටයුතු කළ බවට වාර්තා පළව තිබුණි.

වරකාපොල රංගන රුවන්