පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලි බවත් එය මිනිසාගේ පවුකාරකම තුළ සිදුවූ දෙයක් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.


මෙම ප්‍රහාරය

පිළිබඳව දැනුවත්ව හිඳිමිනුත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් පමණක් නොව රටේ දේශපාලන නායකයින් ද ඊට වගකිව යුතු බවයි එහිමියන් අවධාරණය කළේ.

ඒ අනුව ඔවුන්ට අත සෝදා ගැනීමට නොහැකි බවත් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත් එහිමියෝ පැවසූහ.

එසේ දඬුවම් පැමිණවිය හැක්කේ ඔවුන්ව බලයෙන් පහ කිරීමෙන් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පෞද්ගලිකව තමන්ටත් වැදුණු බරපතළ පහරක් බවත් ඒ වේදනාවෙන් තමන් තවමත් පීඩා විඳින බවත් එහිමියන් සඳහන් කළේය.

මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (11) කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ පැවති විශේෂ දේවමෙහෙයක් අමතමිනි.