https://www.gossiplankanews.com/2019/05/baduraliya-school-bomb.html
දුරලිය, පාලින්දනුවර ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී ඊයේ අත් බෝම්බ 13 ක් සොයාගෙන තිබුණි.විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබූ පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී  මෙය හමු වී තිබුණි.
මුරකරු  ඊයේ රාත්‍රී ආහාර ගැනීමට
ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇති අතර මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට

කටයුතු කර තිබුණි.
පොලිසිය සිදු කර ඇති විමර්ශනයේදී අනාවරණය වන්නේෙ පාසලට අත්බෝම්බ ගෙනවිත් දැමීම කඩාකප්පලකාරි පිරිසකගේ ක‍්‍රියාවක් බවයි‍
මෙම බෝම්බ පාර්සලය තැබීම පාසල් පවත්වාගෙන යාමට එරෙහිව හා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් සිදුකරන්නට ඇති බවට සැක පහළවන්නේ එය පිපිරීමට සකස්කළ එකක් නොවූ නිසාය.

අත්බෝම්බ සහිත බෑගය පංති කාමරයක් අසළ තිබූ අතර එහි ජීව උණ්ඩ කීපයක් හා වයර් කැබැල්ලක් තිබී හමුවී තිබේ.
හමුදාවේ උසස් නිලධාරියකු මෙසේ කරුණු පැහැදිලි කළේය.
අත්බෝම්බයක් නිකම් කිසියම් තැනක තිබුණාට පුපුරන්නේ නැහැ. එහි උඩින් තිබෙන කොක්කක් සහිත කොටස ගැලවිය යුතුයි. ඉන්පසු එහි තිබෙන ඩෙටනේටර් ගිනි ගැනීම සිදුවිය හැකි බැවින් වහා පිටතට විසිකරනවා. එය කිසිවෙකුගේ මැදිහත් විමෙන්ම කළ යුත්තක් මිස ඉබේ සිදුවන්නක් නෙවෙයි.

එසේම අත්බෝම්බ එකින් එකට වයර්වලින් ඇමීණිමක් කළ හැකි වන්නේ නැහැ. එය සිදුකරන්න නම් අනිවාර්යයෙන්ම අත්බෝම්බයෙන් ඉහළ කොටස (පින් එක) ඉවත් කළ යුතුය. එම කොටස ඉවත් කළ පසු පුපුරායාමේ අවදානමක් පවතින හෙයින් වයර්වලින් ඇමිණීමක් කරන්නට හැකියාවක් නැහැ. කිසිවෙක් එවැනි වයර් අත්බෝම්බ සමඟ ගෙනවිත් තැබුවේ නම් එය බිය ගැන්වීම සඳහාම කරන ලද්දකි.

මෙය සිසුන් පාසලට පැමිණෙන විට දැක කලබලයක් නිර්මාර්ණය කර යළිත් පාසල් වසා දැමීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම පාසලේ මුරකරුවෙක් සිටින අතර පාසල් සිසුන්ගේ පියවරුන් දෙදෙනෙක් ද එදින මුර සේවයට සහය පිණිස පාසලේ සිට ඇත. කිසියම් පුද්ගලයෙක් පාසල් වත්තේ සිට පැන දුවනු දුටු ගම්වැසියෙක් ඒ බව මුරකරුට පවසා තිබේ. ඒ අනුව සෝදිසි කිරිමේදි අත්බෝම්බ සහිත බෑගය හමුව ඇති අතර පසුව ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.