රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 05 බැගින් මුදල් ලබාගත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමිත්තුවේදී ඊයේ (23 දා) පැවසීය.
සතොස ආයතනයෙන් අදාළ මුදල්
ලබාදීම සිදුකර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.  එසේම රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සහායෙන් ගම්මිරිස්

ආනයනයෙන් පොහොසත් වූ මන්ත්‍රීවරුන්ද සිටින බවද හෙතෙම සඳහන් කළේය. ඒ අතරතුර කබීර් හෂීම්, රවුෆ් හකීමි වැනි වැදගත් ඇමතිවරුද සිටින බවද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කෙරිණි.

 රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය යටගැසීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.