https://www.gossiplankanews.com/2019/05/baduraliya-bomb-update.html#more
සුගිය සිකුරාදා බදුරලිය දික්හේන කනිෂ්ඨ විද්‍යාලයේ  ගොඩනැගිල්ලක් අසළ අත් බෝම්බ 13 ක් සහිත පාර්සලය තබා පාසල වසා දැමීමේ ක්‍රමන්ත්‍රණයට දායකවූ තරුණයා මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හැඩිගල්ල, බදුරලිය පදිංචි 32 හැවිරිදි හපුආරච්චිගේ පවිත්‍ර මධුශංක
නමැත්තෙකි. සැකකරු බදුරලිය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මේ වනවිට වැඩිදුර විමර්ශනය සඳහා සීසීඩී භාරයට යොමු කර ඇත.

ඉතා පැහැදිලි ලෙස ඔහු බෝම්බ බිය ඇති කිරීමට මෙම ක්‍රියාව සිදුකර තිබූ අතර අත්බෝම්බ සහ වයර් කැබලි එකට තබා පිපුරුම් අරමුණකින් නොව දකින කෙනෙකුට

බයක් ඇති වන ලෙස එය අටවා ගොස් තිබුණි.

නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක වූයේ රාත්‍රී කාලයේ පන්ති කාමරයක් අසළට පැමිණ එසේ බෝම්බ තබා මිනිත්තු කිහිපයක් තුළ මෙම පාසලේ මුරකරු සහ ආර්කසාවට සිටි පාසල් සිසුන්ගේ පියවරුන් දෙදෙනාට කිසියම් පුද්ගලයෙක් පාසල් වත්තේ සිට පැන දුවනු දුටු ගම්වැසියෙක් දන්වා සිටීමෙන් පසු සෝදිසි කිරිමේදි අත්බෝම්බ සහිත බෑගය හමුවීමෙනි.

ඔවුන් එය පොලිසියට දැන්වූ අතර පොලිසිය පසුව පැලවත්ත යුද හමුදා ඒකකයෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශ ගෙන්වා එම පාර්සලය හා මුළු පාසලම විශේෂ පරීක්ෂාවට ලක්කරන ලදි. සැක පහළවූ බෝම්බ පාර්සලය ව්‍යාජ ලෙස බිය ඇතිවීම පිනිස තබායන ලද දෙයක් බව එහිදී හෙළි විය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සිකුරාදා එම පාසල පවත්වන්නට බැරිව ගිය අතර පාසලට සිසුන් නොඑවන්නැයි පොලිසියට ලවුඩ්ස්පිකර මගින් ගම පුරා පණිවිඩ දන්වා සිටින්නටද සිදුවිය.
මේ අකාරයට මහජනතාව අපහසුතාවයට ලක්කරමින් පවතින වාතාවරණය පටු උවමනාවන් වෙනුවෙන් බාවිත කරන්නේ කවුද යන්න ගැන මේවනවිට පොලිසිය පරීක්ෂන අරඹා තිබේ.

අත්අඩංගුවට පත් පවිත්‍ර මධුෂංක ප්‍රදේශයේ ප්‍රකට දේශපාලනඥයෙකුට සම්බන්ධවී වැඩ කරන අයෙකු බවත් එම උවමානවට මෙවැනි දෙයක් සිදුකරන්නට ඇති බවටත් මේ වනවිට තොරතුරු සැලව තිබේ.