පෙරේදා (24) මහවිලච්චිය පොලිස් වසමේ කාන්තාවන් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර පොලිසිය සිදු කළ මෙහෙයුමකදී  එම කාන්තාවන් දෙදෙනොගේ මළ සිරුරු
දෙක කුඩා තම්මැන්නාව වැවේ
වතුර වලක තිබීභයේ 25 වන දින සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ අචලා සුලෝචනා ලියනගේ (28) හා අචලා රත්නායක (22) යන තරුණියන් දෙදෙනෙකි. දෙදෙනාම
 අංක 436/12, හයිලෙවල් පාර, ගංගොඩවිල නුගේගොඩ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
මොවුන් මේ ආකාරයට මියයාම සැකය උපදවන්නක් වන අතර හේතු පැහැදිලි නැත.ඒ ගැන පොලිසිය විමර්ශන අරඹා ඇත.
සැකකටයුතු අන්දමින් මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු දෙක සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය
සිදුකිරීම සඳහා සිරුරු අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇත. මහවිලච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.