පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කරන ලෙසට තමන් ආරක්ෂක අංශවලට බලපෑම් සිදුනොකළ බවත් පඍීක්සා කිරීමක් පමණක් කළ බවත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

කොළඹ ඊයේ
පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තමන් අවස්ථා දෙකකදී තමා ඇමතීමට ක්‍රියා කළ බව දන්වා තිබු අතර
ඇමති කියා සිටියේ අත්අඩංගුවට ගත් අයෙකු සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් සිදුකළ ඉල්ලීමකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවේ පසුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමසා සිටි බවයි.
තමන් යුද හමුදාපතිවරයාගෙන් කිසිවෙකුත් නිදහස් කිරීම සඳහා ඉල්ලීමක් නොකළ බවත් ඔහු කියා ඇත.