මාකඳුරේ මධුෂ් සගවා තිබූ බව කියන  අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප‍්‍රදේශයේදී ඊයේ (16) සොයා ගත් බව පොලිස් ආරංචිමාර්ග කියයි.  අපරාධ පරික්‍ෂණ දෙපර්තමේන්තුව බාරයේ  රඳවා සිටින සැකකාර
මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම්

හමුවේ අනාවරණය වූ තොරතුරු මත  රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් මෙම  ආයුධ සොයා බැලිවේරිය ප්‍රදේශයට ගොස් තිබේ.

මාකඳුරේ මධූෂ්ගේ මගපෙන්වීම මත සොයා ගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ගෙන යන බව පොලිසිය කියයි.  ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරින්ගේ අධීක්‍ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්‍රශ්න කරගෙන යයි.