මැතිසබයේ ආරක්ෂාව සදහා රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා (සී.සී.ටී.වී.)  236ක් සවිකිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික
ආයතනයකට මෙම  කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිළධාරියෙක්  ඊයේ පැවැසීය.  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානින් හා එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දි පැවැත්විණි.

පාර්ලිමේන්තු සංකීර්ණ ආරක්‍ෂක කැමරා හතළිහක් පමණ දැනට සවිකර තිබුණත් ඒවා කල් ඉකුත්වී ඇතැයි ද එම නිසා එම ආරක්ෂක කැමරා හතළිහ ඉවත් කරන බව පාර්ලිමේන්තු නිලධාරිහු ප්‍රකාශ කරති.

අලුත් ආරක්‍ෂක කැමරා දෙසිය තිස්හයක් සවි කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිටත ප‍්‍රදේශවලයි.

මෙම කැමරාවලින් ගන්නා දර්ශන නිරික්ෂණයට වෙනම නිරික්ෂණ මැදිරියක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමටද කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.