https://www.gossiplankanews.com/2019/05/army-commander-statement.html#more
පසුගියදා බෝම්බ පිපුරුම් සිදුවී රට තුළ අනාරක්ෂිත වාතාවරණයක් පැනනැගුණ අවස්ථාවේ කෙටි කලකට හෝ රටේ පාලන බලය හමුදාවට පැවරිය යුතු බවට ඇතැමුන් අදහස් දක්වා තිබුණි.
මෙලෙස ශ්‍රී ලංකාව හමුදා පාලනයකට යොමුවීම ගැන හමුදාපතිවරයා හෝ හමුදාවේ ඉහළ නිලධාරින්
කිසිවෙකු ප්‍රතිචාර දක්වා තිබුනේ නැත. නමුත් ෆේස් බුක් ඔස්සේ පැතිරී යන පෝස්ටුවකින් මෙම රට භාරගැනීමේ කටයුත්තට හමුදාපතිවරයා ඉදිරිපත්ව ඇති බව ප්‍රසිද්ධ කර තිබේ.


ශ්‍රී ලංකාව හමුදා පාලනයකට යොමු කරන  ලෙසට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව හා ඊට තමන් ප‍්‍රතිචාර දක්වා ඇති බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප‍්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරන ඔහු දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීය විනය ගරුක හමුදාවක් බවයි. එබැවින් කිසිඳු නීත්‍යානුකූල නොවන කටයුත්තකට යුද හමුදාව සම්බන්ධ නොවන බවද දන්වා ඇත.

රටේ ජනතාව යුද හමුදාව පිළිගෙන ඇති බවත් ජනතාවගේත් රටේත් ආරක්ෂාව සැපයීම යුද හමුදාවේ ප‍්‍රමුඛ වගකීම බවත් දන්වන යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාව, සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාගේ නියෝග අනුව රටෙහි ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන බවයි. එබැවින් සේනාධිනායකයාට හෝ ව්‍යවස්ථාවට කිසිඳු විටෙක එරෙහිව කටයුතු නොකරන බවද දන්වා ඇත.