තමන්ගේ අනුදැනුමෙන් තොරව තමන්ගේ ඡායාරූපයක් පාවිච්චි කරමින් (Bandula Gunawardane -politician) 'බන්දුල ගුණවර්ධන - දේශපාලනඥයා' යන නමින් මුහුණු පොතේ වෙනම පිටුවක් පවත්වා ගෙන
යන බව පාර්ලිමේන්තු
මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදුලි සංදේශ නියාමන කොමිසමට ලිඛිතව පැමිණිලි කර ඇත. මේ අතර හදිසි පරිගණක අපරාධ ඒකකයටද පැමිණිලි කර ඇති බවද ගුණවර්ධන මන්ත්‍රිවරයා කීවේය.

“මම දන්නෙත් නෑ. මම කාටවත් අනුමැතිය දීලත් නැතුව මගේ ඡායාරූපය සමහ මගේ නම සහිත මුහුණු පොතේ පිටුවක් පවත්වාගෙන යනවා. මම ඒ ගැන පැමිණිලි කළත් මේ දක්වා විසඳුමක් නෑ යැයි ඊයේ (26දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා කීවේය.

-ජයසුරිය උඩුකුඹුර-