https://www.gossiplankanews.com/2019/05/9-330-susantha-story.html#more
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය පිළිබඳ ශෝකාකූල කතා ගණනාවක් පසුගිය කාලයේ අසන්නට ලැබුණි. මේ අතර කටුවාපිටිය පිපිරීම නිසා මීගමුව රාජපක්ෂ උද්‍යානයේ මුරකරුවෙකු ලෙස සේවය කරන සුසන්තගේ බිරිය හා දරු තිදෙනාගේ දිවි අහිමිවීම ගැන අවධානයට ලක්වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදය නිසා එම ජීවිතයක් හෝ ගළවාගන්නට අවස්ථාවක් තිබූ බව හැඟී යන නිසාය.
අනතුර සිදුවීමෙන් පසු සුසන්තගේ බිරිය උදේ 9 ට මීගමුව රෝහලට ඇතුළු කළත් එහි ඉඩ මදිවීම නිසා වෙනත් රෝහල් සොයා බැලුවත් එවායේද ඉඩ මදි කියා ගාල්ලේ කරාපිටිය රෝහලට රැගෙන යන ලෙස
දන්වා ඇති අතර සවස 3.30 වනතුරු රෝගියා වාහනයක නංවාගෙන  ගොස් කරාපිටියට ඇතුළත් කරන්නට සිදුව තිබේ. ඒ වනවිට ඇය ගෙනගොසින් පමා වැඩිවූ අතර පසුදා ඇය මියගියාය.
ඊයේ (21) ප්‍රහාරයට මාසයක් පිරෙන දිනයේ කටුවාපිටිය දේවස්ථානය අසළ සොහොන් භූමියේදී තම බිරිය හා දරු තිදෙනා සිහිකළ ප්‍රදීප් සුසන්ත දියණියට පුංචි ලිපියක්ද ලියා තිබුණ අතර එහි මෙසේ සටහන් විය.
“චූටි පුතේ, චූටි දුවේ, ලොකු දූ ඔයාලා තනි නෑ. ඔයාලගේ අම්මා ඔයා ළඟ ඉන්නවා.
නෝනා, ඔයා තනි නෑ, ඔයාගේ අයියා, අයියගේ ළමයි දෙන්නා ඔයා ළඟ ඉන්නවා. “

සුසන්ත තම කතාව මෙසේ විස්තර කර තිබුනි.
“නෝනා ගවුමක් මහන්න දීලා තිබුණා. ඒක හරිගියේ නැති නිසා කිව්වා මම අඳින්නේ ගිය පාර නත්තලට ඇදපු ගවුම කියා. මම මුර කරන්නේ. මම සෙනසුරාදා රෑ වැඩට යනකොට කිව්වා අපි පල්ලි යනවා එන්න එපා 7.30න් පස්සෙ එන්න කියලා. මට සීනි තියෙනවා. රෑට කන්නෙ ටිකයි. ඒ නිසා මට බඩගිනි උදේට. ඒ නිසා එපා කිව්වත් උදේ ආවා.නෝනට කතා කරන්න ඕන උනා නමුත් ෆෝන් එකේ සල්ලි නැති නිසා ඒක බැරිව ගියා. පස්සේ මම පල්ලිය ඇතුළට යන්න හිතුවට යන්න වුනේ නැහැ. මම හොඳට ඇදගෙන හිටියේ නැහැ කිලිටි වෙලා හිටියේ. ඒ නිසා මුනගැහෙන්න බැරිව ගියා.

මං හිටියෙ ත්‍රිරෝද රථයේ සිටියේ. විශාල හඬකින් තිගැස්සී ගියා. පිරිස් පිටතට දුවගෙන ආවා. මම ගියා ඇතුළට හැම තැනම ලේ. මම නෝනගේ ගවුම දැක්කා. පස්සේ උකුලට ගත්තා. ඊට පස්සේ චූටි පුතා. චූටි දුව. ලොකු දුව එහා පැත්තේ. “ සුසන්ත කියා සිටියේය.

වයස අවුරුදු 15 ක් සහ 9 ක් වූ දියණියන් දෙදෙනාත් වයස අවුරුදු හතක් වූ බාල පුතත් මේ බෝම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට පත්ව තිබුණි.නමුත් ජීවත්වීමේ සටනක නිරතවෙමින් සිටි දරුවන්ගේ මව වහාම රෝහලකට රැගෙන යාමට සුසන්ත පියවර ගත්තේය.
“ ත්‍රීවීල් එකක් ආවා. දාගත්ත. ගෙනිච්චි. කතා කරාම සිහිය තිබ්බා- මම කිව්වා මගේ දරුවන් සේරම මැරුනා. මගේ නෝනා වත් බේරලා දෙන්න කියලා කිව්වා. පස්සෙ වැලිසරට යවමු කියලා. මීගමුව වෛද්‍යවරුන් එයා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යන ලෙසට උපදෙස් දුන්නා.
උදේ 9 ට ගෙනිච්ච රෝගියා සවස 3.30ට ගාල්ල කරාපිටියට ගෙනාවා. රෝහලක් නැතිවුනේ අපි දුප්පත් නිසා වෙන්න ඇති. ඩොක්ටර් අපට භාරදුන්නා නේ දැන් යන්න කියලා.
මම පස්සේ දරුවො සොයාගෙන මීගමුව රෝහලට ආවා. මටම සොයාගන්න වුණා දරුවෝ ටික. පහුවදා ගාල්ල කරාපිටිය රෝහලට ගිහාම එයාගෙ දම්පාට වෙලා ඇස්. මැෂින් හිමින් හිමින් වැඩ කලා ටික වේලාවකින් මැෂින් එක නතර වුණා. මං මේ ලොකෙ තනිවුණා.“

 සුසන්ත ඊයේ තම බිරිඳ සහ දරුවන් තිදෙනා වෙනුවෙන් ඉටි පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වු අයුරු කාගෙත් දෙනෙතට කඳුලක් එක් කරන්න සමත් විය.