https://www.gossiplankanews.com/2019/05/9-10-kochchikade-second-blast-how-missed.html#more
පාස්කු ඉරිදා දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් පසු 22 සඳුදා සවස 4.00 ට පුපුරවා හැරිය වෑන් රියේ බෝම්බය පෙර දිනයේ දවල් 9-10 අතර මුල් පිපුරුමෙන් පැයක් ඇතුළත පුපුරා යන ලෙසින් වොෂින් මැෂින් ටයිමරයක් යොදවා අටවා තිබූ බෝම්බයක් බව මේ වනවිට තොරතුරු ප්‍රසිද්ධ කර තිබේ.
දේවස්ථානයේ බෝම්බයට සමගාමීව ටයිමරය ක්‍රියාත්මක වන්නට හැර
දෙවැනි පිපුරුම කරන්නට සැලසුම වී තිබු බවටද කරුණු වාර්තාවේ.
යම් හෙයකින් එය එලෙස සිදුවුනේ නම් පල්ලියේ මුල් බෝම්බය නිස සීසීකඩ දුවමින් සිටි තවත් පිරිස් එයට හසුවන්නට අවස්ථාව තිබූ බවද හඳුනාගන්නට ලැබේ.
මෙලෙස සැලකීමේදී ප්‍රහාරකයින් ෂැංග්‍රිලා පුහාරය මෙන්ම කොච්චිකඩේ ප්‍රහාරය විශාල ඒවා හැටියට පිපිරුම් දෙක බැගින් යොදාගෙන කරන්නට සැලසුම තිබී ඇති නමුත් පල්ලයේ දෙවන ප්‍රහාරය මගහැරී ගොස් ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී දිමුතු සමරනායක ඇතුළු බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ කණ්ඩායමක් දිවි පරදුවට තබා මේ ගැන නිෂ්ක්‍රිය මෙහෙයුමක් සිදු කර තිබුණි.

ප්‍රහාරයට පැමිණි බෝම්බකරු වෑන් රථය

මීටර් සීයක් ආසන්නයේ නවත්වා බෝම්බයේ ටයිමරය ක්‍රියාත්මක කර ඉන් පිටව ගොස් තම පිටෙහි එල්ලාගෙන ගිය ගමන් මල්ලේ වූ බෝම්බය පුපුරුවා හැර ගත්තේය.

එතැනින් පසුව පැයක් ඇතුළත මෙම බෝම්බ පිපිරෙන්නට අන්තවාදීන් සැලසුම් කරන්නේ එතැනට පැමිණි ආරක්ෂක නිලධාරින්, ප්‍රභූවරුන් හා සිවිල් වැසියන් විශාල ගණනක් එකවර මරා දැමීමටය.

‘‘මේක නිෂ්ක්‍රිය කරන්න යද්දී තමයි තේරුණේ ටයිමරය පැයක් ක්‍රියාත්මක වෙලා සීරෝ වෙලා කියලා. වොෂින් මැෂින් එකක ටයිමරයක් තමයි ඒක​ට යොදලා තිබුණේ. ටයිමරය සීරෝ වුණාට රටේ වාසනාවට කරන්ට් පද්ධතියේ අවුලක් නිසා බෝම්බය පුපුරා ගොස් නැහැ. ඩෙටනේටරයට කරන්ට් එක නොගිය නිසා මේක පිපුරුණේ නැහැ. කි. ග්‍රෑම් 12.5 ක ගැස් ටැංකි හතරක් මැද බෝම්බය අටවලා තිබුණේ. මේවා අලුත්ම ගෑස් ටැංකි. පිපුරුමත් එක්ක ලොකු ගිනි ජාලාවක් ඇතිවෙලා හානියක් සිදු කිරීම

අරමුණ වෙන්න ඇති.’’ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරියකු අනාවරණය කළේ ය.

ත්‍රස්තවාදීන් වෑන් රථයේ දොරවල්වල අගුල් නොදමා යන්නේත් ටයිමරය ක්‍රියාත්මක නොවුණහොත් එය පරීක්ෂාවට යාමේදී පුපුරා යන ලෙසය. ප්‍රදේශයේ මත්කුඩුවලට හුරුවූවන්, වෑන් රථය විවෘත කරන්නට උත්සාහ කරද්දී එහි අසුන මත ඇති රුපියල් දහසේ නෝට්ටු දෙක ගන්නට යන මොහොතේ පුපුරා යන ලෙස ටයිමරයට අමතරව බෝම්බය අටවා තිබුණේය.

‘‘ටයිමරය සීරෝ වෙලා කියන්නේ බාගෙට පත්තු වුණු බෝම්බයක්. මේක බෝම්බයේ දරුණුම අවස්ථාව. ලෝක සම්මතය වන්නේ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමේදී මිනිස් ජීවිත හැර දේපොළ ගැන නොසිතා පුපුරුවා හැරීමයි. මෙතැන බෝම්බය ළඟට ගිය නිලධාරින් වික්ෂිප්ත වුණේ මේක ගලවන්නේ කොහොමද කියලා. එතැනදී ඒ.එස්.පී. සමරනායක ජීවිත අවදානම මැද ටයිමර් එක ගලවලා අරගත්තා. ඊට පස්සේ දෙවැනි ට්‍රැපින් එක ගලවන්න උත්සාහ කළා. බෝම්බය පිපිරෙන අවදානම වැඩි නිසා හුක් එකක් දාලා බෝම්බයේ බැටරිය ඇදලා පුපුරුවා හැරියා’’ යැයි මෙහෙයුමට එක් වූ නිලධාරියකු හෙළි කළේ ය.

-තිස්ස රවීන්ද්‍ර පෙරේරා