තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා
යැයි කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ්
ෆවාස් නමැත්තා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන්නැයි ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේ ය.