https://www.gossiplankanews.com/2019/05/7dec-presidential-election.html#more
ඉන්දියාවේ අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් පසු දිවුරුම් දීමේ අවස්ථාවට හා ඔහුට සුබ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය.
ඉංග්‍රීසි බසින්  විමසන ලද ප්‍රශ්න සිංහලයට පරිවර්තනය කර ජනපතිවරයා සිංහලෙන් එහිදී පිළිතුරු දුන්නේය.
එහිදී ශ්‍රී ලංකාවෙන් ගිය 'ද අයිලන්ඩ්' පුවත්පතේ මාධ්‍යවේදියෙකු ඊළඟ ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල ජනපතිවරයා නැවත ඉදිරිපත්වන්නේද
යන පැනය නැගුවේය.
එයට පිළිතුරු දෙමින් ජනපති දන්වා සිටියේ ලබන දෙසැම්බර් 7 වනදා ජනපතිවරණය පවත්වන්නට නියමිත බවත් ඒ ගැන මැතිවරණ කොමිසම තමන්ට දන්වා ඇති බවත්ය. තමන් ඉදිරිපත්වනවාද යන්න තවම තීරණය කර නැති බවත් කිසිදු දේශපාලන පක්ෂයක් තවම අපේක්ෂකයෙකු නම් කර නැති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ  පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පවසා තිබුණි.
ඒ අනුව තවත් මාස 6 කින් ජනපතිවරණය පැවැත්වෙනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) දින රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.