අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරුණු බෝම්බකරුවන්   නවදෙනා ලබාගෙන තිබූ සහ ඔවුන්ට ලැබී තිබූ ජංගම දුරකතන ඇමතුම්වලට අදාළ අංක 1,800ක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ
පවත්වාගෙන යන බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  විසින් සිදු කරන ලද විමර්ශනයේ දී මෙම අංක සංඛ්‍යාව හඳුනාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම අංක සම්බන්ධයෙන් සිදුකෙරෙන විශ්ලේෂණයේ දී මෙම බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

එම අංක අනුව දැනටමත් කීපදෙනකු හඳුනාගෙන ඇති බව ද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔවුන්ගෙන් ප්‍රශ්න කර ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සම්බන්ධකම් සම්බන්ධයෙන් හෙළිකර ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.