පිටකෝට්ටේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී එල්ටීටීඊ යුද සමයේ භාවිතා කළ උණ්ඩ 193ක් සොයා
ගැනීමට මිරිහාන අපරාධ
විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්වි තිබේ.

මෙම වැටලීමේදි එල්ටීටීඊයේ අරුල් 89 වර්ගයේ මෝටාර් බෝම්බයක්ද සොයාගෙන ඇත. මිරිහාන කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් අනුව මෙම සෝදිසි කිරීම කර තිබේ.

මෙම උණ්ඩ සජීවි තත්වයේ පවතින අතර උණ්ඩ තොගය සමඟ නිවසේ හිමිකාරියද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලීසිය මඟින් සිදු කරයි.