ඊයේ (04) රාත්‍රී කාලයේ කොළඹ ජාවත්ත ප‍්‍රදේශයට ඉහළින්  ගුවන් ගත කර තිබූ ඩ්‍රෝන යානයක් පොලිසියේ අවධානයට ලක්ව තිබේ.

මේ දිනවල ඩ්‍රෝන යානා 

ගුවන් ගතකිරීම තහනම් කර තිබෙන පසුබිමක මෙම යානාව යැවුවේ කවුදැයි සොයා බලන අටියෙන් එය පසුපස ලුහුබැඳ ගිය පොලිස් කන්ඩායම් පසුව මුහුදු සීමාවේදී තනිකර දමා ඩ්‍රෝනය පියඹා සැඟවී ඇත.
පොලීසියවෙඩි තැබීමක් සිදු කළද එයට වැදී නැත.
 නාරාහේන්පිට පොලීසිය  බම්බලපිටියේ සිට මුහුදු මාවත ඔස්සේ මෙම ඩ්‍රොන් යානය පියාසර කර ඇති මග ඔස්සේ හඹා ගොස්  ඇතත් එය මුහුදු සීමාවට ඇතුළු වී නොපෙනී ගොස් ඇත.  කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත ඇතුළු පොලිස් ස්ථාන මේ ගැන දැනුවත් කර ඇති අතර පරීක්ෂණ සිදුවේ.
පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ අධිආරක්ෂිත කලාපයක ඩ්‍රෝන යානයක් ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කෙරේ.