බේරුවල පොලිස් බලප්‍රදේශයට අයත් වෙමිරාප්පුර, මත, මාලිගා , මිලාගාධ, හයිඩාගොඩ, පැලස් පාක්, කෝපියාවත සහගොරකාදුව යන ප්‍රදේශ කිහිපයක සිඳුකළ සෝදිසි මෙහෙයුමේදී 27 jkod සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
යුද හමුදා, ගුවන් හමූදාව
හා පොලීසිය ඒකාබද්ධව සිදුකළ 
මෙම  මෙහෙයුම්වලදී  නිවාස කිහිපයක තිබි යුද හමුදා නිල ඇදුම්වලට  සමාන ඇදුම් තොගයක්, කඩු දෙකක්, දුරදක්න  දෙකත්, හැඳුනුම්පත් කිහිපයක් අත්අඩංගුවට ගෙන්න තිබීණ.
 මේ අතර වෙස්ටිරොප්පුර ප්‍රදේශයේ අක්කර ගණනාවක්  ආරක්ෂෂක කඳවුරක් ආකාරයෙන් ආරක්ෂක බාධක සහිත කම්බි රෝල් යොදා තිබූ භූමියක් සහිත පරිශ්‍රයක්  දැඩි පරික්ෂාවට ලක් කළ අතර, විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූයේ විදේශිකයෙකුට අයත් සංචාරක නිකේතනයක් බවත්, එහි මාස කිහිපයකට පෙර විදෙස් සංචාරකයන් පිරිසක්  ලැගුම් ගෙන සිටි බවත්ය.

ආරක්ෂක හමුදා එම  පර්ශ්‍රයට ගිය අවස්ථාවේ එහි  සිටි පුද්ගලයන් තිදෙනකුගෙන් තොරතුරු සටහන් කරගෙන එම පරිශ්‍රය  පොලීසිය විසින් මුදා තබා ඇත. එමෙලෙස මුද්‍රා තැබූ පරිශ්‍රය  අද (28දා) දින නැවත  පරීක්ෂා කරන බවද පොලීසිය සඳහන් කරයි.

-ඒ අලුගෝව - කුමාර ද සිල්වා-