බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් පාර්ලිමේන්තු
මන්ත්‍රී අතුරලියේ
රතන හිමි විසින් ලබාදී තිබේ. එම කාලය තුළ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට තමන් එළඹෙන බවත් රතන හිමි ප්‍රකාශ කළේය.
රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (28) රාජගිරිය සදහම් සෙවණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පෙරේදා (27) පස්වරුවේ කුරුණෑගල රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළේ ඉන් ඉදිරියට මහපාරේ සිට රට පාලනය කරන්නේ තමන් විසින් බවයි.