ඖෂධ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකිරීම  නිසා 2015 හා 2016, 2017 යත වසර තුන තුළදී රුපියල් මිලියන එක්දහස් එකසිය විසිදෙකක ඖෂධ කල් ඉකුත්වීම හේත්තුවෙන් ඉවත් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම 2015 වසරේදී හා
2016 වසරේදී ඖෂධ මිලදී ගැනීමේදී හා අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීමේදී බරපතළ විෂමතාවක් සිදු වී තිබෙන බවට මේ වනවිට නිකුත් කර තිබෙන විගණන වාර්තාවකින් හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. මේ නිසා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක්පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

අලුතින් ඖෂධ ලියාපදිංචි කිරීම යටතේ 2016 වසරේදී අලුතින් ඖෂධ වර්ග තුන්දහසක් නව සමාගම හරහා ලියාපදිංචි කර තිබෙන බවත්,
මෙය ඉතිහාසයේ එක් වසරක් තුළ ලියාපදිංචි කළ වැඩිම ඖෂධ ප්‍රමාණය බවත් ලේකම්වරයා පවසා සිටියේය.

2015 වසරේදී ඔෂධ හිඟයක් නිර්මාණය කර රුපියල් මිලියන 4,310ක හා 2016 වසරේදී රුපියල්ලි යන 4,065ක, ඖෂධ ක්ෂණිකව මිලදී ගැනීම යටතේ මිලදී ගෙන තිබෙන
මේ සියලු දේවල් පිළිබඳ විගණන වාර්තාව තුළත් එළිදක්වා තිබෙන බවද හරි අලුන්ගේ මහතා සඳහන් කළේය.

- එච්.අයි. කුමාර-