හමුදාවට නිල ඇඳුම් මසන එකම ආයතනය වන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනය මඟින් නිශ්පාදිත හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගයක් ගාල්ලේ තලාපිටියේ මුස්ලිම් නිවෙසක තිබී ඊයේ (06දා)
පෙරවරුවේ ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල තලාපිටියේ තක්කියා පාරේ නිවෙසක් පරික්ෂාවට ලක්කිරීමේදී මෙම යුද හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගය සහ හිස්වැසුම් 50කට අධික තොගය සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා නිල ඇඳුම් මසන එකම සමාගම ලෙස සැලකෙන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනයෙන් මෙම නිල ඇඳුම් තොගය ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන සහ සතිෂ් ගමගේ හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අරුණ ලාල් මහත්වරුන්ගේ මෙහෙයවිමෙන් පොලිස් පරීක්ෂක අනුජ ලංකාදේව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

-තරිඳු භාග්‍ය විජේහේවා-