තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති  මැණික්
ව්‍යාපාරිකයා වායු රයිෆල් උණ්ඩ තොගයක් හා

තවත් උපකරණ රැසක් සමඟ පානදුර සුඛෝපභෝගි දෙමහල් නිවසකදි අත්අඩංගුවට ගත් බව පානදුර උතුර  පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා තිබු වායු රයිෆල් උණ්ඩ 591, අති සුඛෝපභෝගි ජීප් රථයක් අන්සතු ගුවන් ගමන් බලපත්‍ර දෙකක්, විදේශ රටවලට අයත්  මුදල් තොගයක් එම සංවිදානයේ සමාජික ගාස්තු ගෙවන ලද රිසිට් පත් ආදිය පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග වැඳ පරාජය වු අයෙකු බව අනාවරණය කරගෙන ඇත.

පානදුර උතුර පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය  බලකා නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරීන්ද එක්ව සිදු කළ මෙහෙයුමේදි මෙම උපකරණ සොයා ගැනිමට හැකි වි තිබේ.

53 හැවිරිදි මෙම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.