පවතින වියළි කාලගුණය හේතුවෙන් සියලු ජල මූලාශ‍්‍රවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත වැටෙමින් පවතින බව
ජාතික ජල සම්පාදන හා ජලාපවහන
මණ්ඩලය පවසා තිබේ. පවතින තත්ත්වය හමුවේ ජල සම්පාදන කටයුතු අඛණ්ඩව එකම ධාරිතාවකින් පවත්වාගෙන යාම ද අතිශයින් දුෂ්කර වී ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
මේ අතර ඊයේ (02) රාත්‍රියේ සිට මේ වන තෙක් මහරගම ,කොට්ටාව ,පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසිදු දැනුම් දීමකින් තොරව ජලය කපා හැර ඇතැයිද වාර්තාවේ.මහරගම ප්‍රාදේශිය ජල සැපයුම් අංශයේ ඉංජිනේරුවරිය සඳහන් කළේ නළ කිහිපයක අලුත් වැඩියා කටයුතු කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව කර ඇති බවයි.