දෙහිවල සත්වෝද්‍යානයේ සිටි තාරක ඉබ්බෙකු සොරකම් කිරීමට උත්සහ දැරූ සත්ත්වෝද්‍යානයේ
සේවකයින් දෙදෙනෙකුගේ
වැඩ තහනම් කර තිබෙයි.
සත්ත්වෝද්‍යානයේ උද්‍යාන අංශයේ සේවකයින් දෙදෙනෙකුමෙලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර ඔවුන් සත්ත්වෝද්‍යානයේ සිටි තාරක ඉබ්බෙකු සොරකම් කිරීමට උත්සහ දරා ඇත.
මේ ගැන ඉව වැටී සත්ත්වෝද්‍යානයේ ආරක්ෂක අංශ විසින් එය වළක්වා ඇත.
 තාරක ඉබ්බා මේවනවිට ආරක්ෂිතව සත්ත්වෝද්‍යාන තුළ සිටින බව ද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ දන්වා තිබේ.