අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු ආරක්ෂක මුරපොළේදී අද උදෑසන සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇත.

 මෙසේ මියගොස් ඇත්තේ
30 හැවිරිදි වරකාපොළ අල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ගොඩදෙණියලාගේ දිල්රුක්ෂ සමරසිංහ යන පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් පොලිස් කොස්තාපල්වරයෙකි.

මෘත දේහය කොළඹ ජාතික රෝහලට භාරදී ඇති අතර ඔහුගේ හිසට බරපතල ලෙස හානි වී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර තිබේ.